RSS

අරමුණ පැහැදිලි කිරීම

මම මේ බ්ලොග් එක ලියන්නෙ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන්. මම දන්න දේවල් පුළුවන් තරම් කෙටියෙන් මම මේ බ්ලොග් එකේ ඇතුලත් කරනවා. කෙනෙක්ට අවශ්‍ය නම් මේකෙන්ම කෙටි සටහනක් උනත් හදාගත්තාට කමක් නෑ. මම පාවිච්චි කරපු කෙටි ක්‍රම, හොර ක්‍රම ඔක්කොම කියන්න තමයි බලාපොරොත්තුව. උසස් පෙළ ලියන ගමන් මේ බ්ලොග් එකත් ලියන නිසා මුළු කාලයම වැය කරලා මේක ලියන්න වෙන එකක් නම් නෑ. ඒත් වෙලාව තියන හැටියට ලියන්නම්‍.

සාමාන්‍ය පෙළ විශයට මං ලෑස්ති වෙන්න පටන් ගත්තෙ විභාගෙ කට ළග තියලා. මං ලිවුව හැටි ගැන කියන මෙන්න මේ පෝස්ට් එක කියවනවා නං හොදයි. පොඩි අදහසක් ගන්නත් පුළුවන් නෙ. කොහොම උනත් ඒ මං කොරපු හැටි. ඕක එක එක්කෙනාට වෙනස් වෙනවා. මං සාමාන්‍ය පෙළ කරේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒ නිසා සමහර විශයන් ගැන වැඩිය හිතන්න උනා. මං මේකෙ සිංහල, ඉංග්‍රීසි කියන මාධ්‍ය දෙකේම අයට තේරෙන විදිහට තමයි දාන්න බලාපොරොත්තු වෙන්නෙ නම්.

මම මේකෙ කියන්න යන්නෙ,

  • විද්‍යාව විශයේ උප විශයක් වන භෞතික විද්‍යාව 
  • විද්‍යාව විශයේ උප විශයක් වන රසායන විද්‍යාව
  • ගණිතය
  • ඉතිහාසය
  • සිංහල සාහිත්‍යය
  • තොරතුරු තාක්ෂණයේ යම් යම් කොටස්
  • ඉතිහාසය යම් කොටස්

අති විශේෂ :
මං හිතන් හිටියෙ මේ බ්ලොග් එක තනියෙන් ලියන්න. ඒත් කල්පනා කරද්දි හිතුනා මේක එච්චර ලේසි වැඩක් නෙමෙයි කියලා. මං මගේ හොද මොළකාර යාළුවො දෙන්නෙක්ගෙන් ඇහුවා මාත් එක්ක මේක ලියන්න එනවාද කියලා. එක පයින් දෙන්නාම කැමති උනා. ඇත්තටම ඉස්සරහාට හොද ගුණාත්මක සේවයක් සපයන්න අපේ සෙට් එකට පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා.. ඉස්සරහාට තව කට්ටිය එකතු වෙයි.. 

බ්ලොග් එක ලියන අපි


මම,
2009 සාමාන්‍ය පෙළ කරේ.
මගේ ප්‍රධාන බ්ලොග් එක ආගන්තුකයා


ක්‍රියේටිවු හස්තය,
2009 සාමාන්‍ය පෙළ කරේ.
බ්ලොග් එක සිතුවිල්ල


Uncle,
2009 සාමාන්‍ය පෙළ කරේ.
බ්ලොග් එකක් ලියන්නෑ

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

6 දෙනෙක් අදහස් කිවුවා:

... said...

ගොඩාක් වටින වැඩක් . ජයවේවා!!

dr kamalani said...

all the best good work for ol children.dr kamalani

Janitha said...

බොහොම ස්තුතියි :)

Anonymous said...

සුබපැතුම් මල්ලි. හොද වැඩක්. දිගටම කරන්න.

Janitha said...

බොහොම ස්තුතියි අයියෙ..

Anonymous said...

Great Job Buddy !!
Keep It Up !!

Post a Comment