RSS

ගණිතය 3 ත්‍රිකෝණමිතිය | සිංහල මාධ්‍ය

ඔන්න හරි.. එදා ප්‍රධාන ත්‍රිකෝණමිතික අනුපාත ටික බැලුවා නෙ. නැද්ද ළමයි. ඕක ඉතිං කරුමෙට කටපාඩං කොරගන්න වෙනවා. ඉතිං අපි බලමු ලේසි විදිහක් ඕක කරන්න. ඉස්සෙල්ලාම කියන්න තියෙන්නෙ, ඔය අපි පාඩං කරගන්න ඕන ඒවායෙන් sin,cos කියන ත්‍රිකෝණමිතික අනුපාත විතරයි. tan කියන්නෙ sin / cos කියලා කී පාරක් නං මං කිවුවාද නේද?

ඔය අපි පාඩං කරගන්න ඕන ඕකෙන් එකක් දෙකක්. ඉතුරුවා ඉබේම එනවා. ඔන්න සරළයි, අපි බලමු.




දැක්කානෙ.. ඔය තියෙන්නෙ. sin30 = 1/2 , cos60 = 1/2 ඒ වගේම තමා දෙපැත්තෙ තියන අනිත් දෙන්නාත්. sin45 යි cos45 යි සමානයි නෙ. ඒ දෙකම එකම අගේ. ඔය sin තීරුව, cos තී‍රුවෙන් බෙදුවාම යට තියන එක එනවා නෙ නේද?

හරි අපි පොඩ්ඩක් වැඩේ තේරෙන්නත් එක්ක ගාණක් බලමු.

උදා : sin(30) x sin(60) + cos (30) x cos (60) හි අගය සොයන්න.











ඔන්න ඉතිං මං හිතනවා තේරුනා කියලා. නිකං අගයන් ආදේශ කරලා සුළු කරන්න තියෙන්නෙ.
දැං මම ගණව් ටිකක් දෙනවා. සුළු කරන්න ඕන. ඒක හරියට කරලා අපේ ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දාන්නකො. (https://www.facebook.com/OlShortNotes)

1. sin60*sin30 + cos60*cos30
2. sin45*cos45 + tan45*tan60
3. (sin30)+ (cos30)2
4. tan45*tan60+tan45*tan30
5. [sin(A)]2 + [cos(A)]2

අන්තිම එක ටිකක් අවුල් වගේ නේද? ඒකට පොඩි සෘජුකෝණී ත්‍රිකෝණයක් ගහගෙන A කියලා කෝණයක් දාගෙන පොඩි ගේමක් දෙන්නකො බලන්න.

දැන් ඉතින් ප්‍රශ්නයක් නෙ. ඕවා කරන්න මොකටද ත්‍රිකෝණමිතිය. නැද්ද මං අහන්නෙ? නෑ නෑ ඒකට නෙමෙයි ත්‍රිකෝණමිතිය ඕන. මොකක් හරි කෝණයක් දන්නවා නම් එක පාදයක් දන්නවා නම්, අනිත් පාද ගැන අපිට කියන්න පුළුවන් සෘජුකෝණී ත්‍රිකෝණ වල.

අපි සරළ අවස්ථාවක් අරන් බලමු. 



බලමු ඒකෙත් හැටි. නැද්ද? 

පෝස්ට් එක දිග්ගැස්සෙයි වගේ තව කියන්න ගියොත්. අපි ත්‍රිකෝණමිතියෙ වැඩ පටංගත්තෙ දැං තමයි. මේ ටික හොදට කරන් යන්න ඕන. මොකද ගණං එන්නෙ මේවයෙන් නෙ. 

උත්තර අපේ පිටුවට එවන්න. ඕ ලෙවල් කරන අය ඉන්නවා නම් ඒ අයට මේ පිටුවට එකතු වෙන්න කියලා කිවුවට වරදක් නෑ..

https://www.facebook.com/OlShortNotes

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

Mathematics | Trigonometry 2 | English Medium

From the previous lesson we learnt about the three main trigonometrical ratios. Lets see how we can find the values of trigonometrical ratios of some commonly used angles.



The triangle above is an equlateral triangle which means all three sides are equal in length. So AB = AC, hence ABC angle is equal to ACB angle. AC = CB, hence CAB angle is equal to CBA angle thus all three angles are equal. Let the value of an angle be x, 

then x + x + x = 180°

So the ABC angle is 60 degrees whilst the AN perpendicular drawn to BC from A eually divides the BAC angle so that, BAN angle is 30 degrees.
Let AB = BC = CA = 2a then,
BN = a and
AN =  3a , according to the pythagoras theorem (apply pythagoras theorem to the triangle ABN) .

Now from BAN triangle  we can see than sin BAN is equal to the ratio, BN/BA.

Thus sin30 °  = a/2a = 1/2
Likewise we can develop the sine, cosine and tan values of 30° and 60°.
Now lets consider a right angled isoceles triangle.

Let the two equal sides be of length a then according to the pythagoras theorem the hypotaneuse of the triangle will be square root(2)a.

So easily we can see that 
sin45°  = cos 45° = 1/
and 
tan 45 °  = 1.


The table below will sum up all the trignometrical ratios we have considered above and you are expected to memorize them for the O/L exam.



From above table we can roughly deduce that from 0 - 90 °  the sine and tangent values of an angle increases with the angle while the cosine value of an angle decreases with the angle.
Moreover,

sin 0 = 0   sin 90 °  = 1 

cos 0 = 1  cos 90 ° = 0
tan 0 = 0  tan 90 ° = infinity

therefor for any given angle x < 90(degrees) ,    
0 < sinx < 1
0 < cosx < 1
tanx > 0



Written by : Uncle

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

Chemistry 1 | English Medium


Hi everyone ! Now my subject to write about is Chemistry. Trust me no matter who tells you it's a hard subject it isn't ,not when you have done your part of work right and studied well. Chemistry is really easy once you have got hold of it and specially O/L Chemistry is just at the very basic level . When you move up the ladder to further studies you will see how big the world of Chemistry is. But without this O/L basic knowledge Chemistry will be challenging! I'm not going to be writing down theory notes for pages. Things will be made as simple as they could be made!



And NOW TO WORK !!!


Now your first question should be " What is Chemistry? " but i know no one asks that !  Even I didn't .
Chemistry is the study what matter is made up of , what the structure of matter is , how matter reacts, and what the properties of matter are. I know it sounds like insane !! So simply CHEMISTRY IS THE STUDY OF MATTER AND ITS BEHAVIOR .

Our first lesson will be the classification of matter . Matter can be classified in various ways but for your level the relevant classification is as follows .




Pure substances - Matter made up of  one kind of substance    (water , hydrogen , helium)

Pure substances are further classified to 2 main groups : 

1. Elements - Elementary substances or substances which can not be divided in to simpler substances . Elements are made up of one kind of atom. ( Hydrogen , Silver, Gold )

Elements are further grouped under four headings.

  • Metals - Silver,Gold,Iron,Sodium 
  • Non metals - Oxygen,Nitrogen,Hydrogen
  • Metalloids - Arsenic,Germanium,Antimony 
  • Noble gases - Helium,Neon,Argon 


2. Compounds - Substances that can be divided in to elements and that are made up of two or more types of atoms .(Ammonia, Water, Ozone) 

Impure substances - Matter made up of a mixture of various other substances (Salt solution , Air , Soil)
 They are classified as follows 

1. Homogeneous compounds - A compound where the composition is uniform through out a sample (Salt solution,Blood) 

2. Heterogeneous compounds - A compound where the composition  differs at different places in a sample (Soil,Wood) 

I've given a few examples for each topic but try finding more such examples through self study ! Our next lesson will be on the story of the "atom" . 
Till then study well ! Take care ! Bye ! :) 

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

Mathematics | Trigonometry 1 | English Medium


Trigonometry is a branch of pure mathematics which goes long way back in history and which is also utilized in complex mathematical concepts that incluede geometry.

For the O/L mathematics syllabus we only have the basics of trigonometry.

First of all lets identify the 3 main trigonometrical ratios. They are,
1.) sine
2.) cosine
3.) tangent

For the O/L exam we only have to learn about these ratios about a right angled triangle.



In the diagram show above the angle C is denoted by theta.
In the O/L syllabus the definitions of trigonometrical ratios are simplified so that the students could get a better understanding about them.
For the angle theta the trigonometrical ratios can be defined as follows,



Generally we can identify that sin ratio of an angle is the ratio between the length of the oppsite side and  the hypotneuse relative to the angle. The cosine ratio of an angle is the ratio between the length of adjacent side and the hypotaneuse relative to the angle. The tan ration of an angle is the ratio between the length of opposite side and the adjacent side relative to the angle.


We can see that, 

therefore,



Written by : Uncle


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ගණිතය 2 ත්‍රිකෝණමිතිය | සිංහල මාධ්‍ය



පළවෙනි පාඩමෙන් ඉගෙනගත්තා නෙ sin, cos, tan කියන අනුපාත ගැන. අද අපි ඉස්සෙල්ලාම බලමු වැදගත් ත්‍රිකෝණමිතික අනුපාත කීපයක අගයන් සමපාද ත්‍රිකෝණයක් ඇසුරෙන් ලබාගන්න හැටි ගැන. මං හිතන්නෙ විභාගෙදි මේවා දෙන්නෙ නෑ. ඒ නිසා මේවා පාඩං කරගෙන තියාගන්න ඕන මයෙ හිතේ.


මම මේ සදහා යොදාගන්නෙ පැත්තක දිග 2a වන සමපාද ත්‍රිකෝණයක්. මේකෙ මම BC පාදයට ලම්භක වෙන්න AN නිර්මාණය කරගන්නවා. දැන් අපි බලමු මේ ත්‍රිකෝණයේ තියන ලක්ෂණ මොනවාද කියලා.

1. සමපාද ත්‍රිකෝණයක පාද ඔක්කොම දිගින් සමානයි. ඒ වගේම ඇතුලෙ කෝණත් සමානයි. අර මම පළවෙනි පෝස්ට් එකේ කිවුවා නේ ත්‍රිකෝණයක කෝණ වල එකතුව අංශක 180 යි කියලා. මේ ත්‍රිකෝණෙ කෝණ සමානයි නෙ. අපි එක කෝණයක් "x" කියලා ගමු. ත්‍රිකෝණෙට තියෙන්නෙ කෝණ 3ක් නිසා,
x+x+x  = 180°
3x        =180°
x          = 60°

2. AN නිර්මාණය කරලා තියන හැටියට BN = NC වෙනවා. ඒ වගේම BAN කෝණය, NAC කෝණයට සමාන වෙනවා. ඒ වගේම තමයි මේකෙ BAN කෝණයෙයි,  NAC කෝණයෙයි එකතුව 60° නිසා මේ එක කෝණයක් 30° කි වෙනවා.

3. අපි කවුරුත් දන්නවා නෙ පයිතගරස් ප්‍රමේයය. ABN ත්‍රිකෝණයට අපි පයිතගරස් ප්‍රමේය දැම්මොත්,
BN2 + NA2 = AN2
a2 + NA2 = (2a)2
NA2 = 4a2 - a2
NA2 = 3a2
NA = √3a

දැන් හරි. අපිට දැන් විශේෂ sin, cos, tan අනුපාත ටිකක් ගන්න පුළුවන්. ඒකට පාව්චිචි කරන්න යන්නෙ ABN ත්‍රිකෝණය. මම ඒක විතරක් ගන්නම් කො,


දැන් අපි බලමු මේ එක එක කෝණයට සාපේක්ෂව මොනවාද කෝණ කියලා. 





දැන් ඉතින් අපි මේ එක එක ඒවාට අනුරූපව එන අගයන් පොඩ්ඩක් බලමු. මම දෙකක් තුනක් දාලා අන්තිමට චාට් එකක් දානවා හරි ද.

ඉස්සෙලාම බලමු අංශක 30 ත් එක්ක.


මේ වගේම අනිත් ටිකත් කොළයක් අරන් කරන්නකො. දැන් අපි බලමු 45° එක්ක කොහොමද මේ අගයන් ලැබෙන්නෙ කියලා. මේකට අපිට සෘජුකෝණී ත්‍රිකෝණයක් ඕන පාද දෙකක් දිගින් සමාන.
මෙන්න මේකෙ AC = BC වෙනවා. ඒවා අපි කියලා ගත්තොත්, මේක සෘජුකෝණී ත්‍රිකෝණයක් නිසා,
ABC ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේයයෙන්,
AC+ BC2 = AB2
a2 +  a = AB2
AB = √2a


මේකටත් අපිට ත්‍රිකෝණමිතික අනුපාත දාන්න පුළුවන් නෙ, (මම කෙටියෙන් ලියන්නම්)

මෙන්න මේ වගේ ඔය ඔක්කොම සාධනය කරන්න. මේවා තනියෙම කොළේක ඇදලා හදන්න බලන්න පල්ලෙහා ඒවාද ආවෙ කියලා,


ගනං දෙන්නං ඊලග එකේ ඉදන්. මේ ටික කරලා බලලා පුරුදු වෙන්න තනියෙන්. නිකන් බැලුවාට නම් වැඩක් නෑ‍.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ගණිතය 1 ත්‍රිකෝණමිතිය | සිංහල මාධ්‍යය


ගණිතය පාඩමේ ඉස්සෙල්ලාම තියෙන්නෙ නම් පරිමිතිය, වර්ගඵලය එහෙම හොයන කොටස්. ඒත් ඉතින් ඒවා ටිකක් සාමාන්‍ය දේවල් කියලා හිතුන නිසා මම හිතුවා ත්‍රිකෝණමිතිය පාඩම තෝරගන්න ඕන කියලා. ගොඩක් අයට සාමාන්‍යපෙළ පන්තියෙදි ත්‍රිකෝණමිතිය වහකදුරු වගේ. ඒකට මූලිකවම හේතු වෙලා තියෙන්නෙ හරියට මූලික දේවල් ඔළුවට දාගන්නෙ නැති එක. ඔන්න එහෙනම් වැඩිය කියවන්නෙ නැතුව පාඩම පටන්ගන්නම්.

(මම මේ බ්ලොගයේ ලියන්නෙ විශයනිර්දේශයේ තියන කරුණු මම දකින තේරුම්ගන්න, කරන්න පුළුවන් ආකාරයෙන් මිසක් විශයනිර්දේශය කොපි කිරීමක් නම් නෙමෙයි)

ත්‍රිකෝණයක දැනගතයුතු ලක්ෂණ


ත්‍රිකෝණයක ඔය ඇතුලෙ තියන කෝණ පේනවා නෙ A,B,C කියලා පෙන්නලා තියෙන්නෙ. අන්න ඒවා ගැන දැනගන්න දෙයක් තියනවා. ඒ තමයි,


ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 180 ක් කියන එක.
ගණිතය බාසාවෙන් කිවුවොත්,
A+B+C=180°

ඒක හරි නෙ, අපි දැන් බලමු මොකද්ද මේ ත්‍රිකෝණමිතිය කියන්නෙ කියලා.

ත්‍රිකෝණමිතිය කියලා ඉතිං කියන්නෙ ත්‍රිකෝණ වල කෝණවලයි පාදවලයි සම්බන්ධතාවයක් නෙ. මේ සම්බන්ධ ගොඩනගාගන්න අපි පාවිච්චි කරන්නෙ සෘජුකෝණී ත්‍රිකෝණයක්. හරියට මේ පල්ලෙහා තියන එක වගේ. මට ඉතිං කොටනන් ලේසියට මං ඒක අංකනය කරගන්නම්. ඔය පේන්න තියන α කෝණෙට සාපේක්ෂව දක්වලා තියන අනුරූප පාද මම මේ කියන නම් වලින් හදුන්වන්නෙ

  • සම්මුඛ පාදය (opposite side) = o
  • බද්ද පාදය (adjacent side) = a
  • කරණය (hypotaneuse) = h

හැබැයි තව එකක් හොදේ, අපි මෙහෙම ඕක නම් කරාට මේක මම දීපු α කෝණෙට සාපේක්ෂව. ඒ කියන්නෙ α කෝණෙට සම්බන්ධ නැති මුහුණලා තියන එක තමයි සම්මුඛ පාදෙ වෙන්නෙ. ඔය ත්‍රිකෝණ මොන අතකට හරවලා තිබ්බත් ඒක ඒ විදිහමයි. හැබැයි මේක වලංගු වෙන්නෙ මේ ජාතියෙ, ඒ කියන්නෙ සෘජුකෝණී ත්‍රිකෝණ වලට විතරයි.

හරි, දැන් අපි බලමු මේකෙන් ගන්න පුළුවන් සරළ සම්බන්ධ ටිකක්, ඇත්තම කිවුවොත් අනුපාත ටිකක් අංකනය කරන විදිහ,
මේවා ආවෙ කොහෙන්ද, මොන රටෙන්ද මොන ලෝකෙන්ද කියලා නම් මං දන්නෙ නෑ. ඒත් මේවා මෙහෙම තමා ඒ කාලෙ ඉදන්ම අංකනය කරගෙන ඉන්නෙ. අපි කාගෙ හරි නමක් ඇහුවාම ඒ කෙනා කියනවා මගේ නම මෙන්න මේකයි කියලා. අපි ඉතින් අහන්න යන්නෙ නෑ නෙ, "ආ කොහොමද ඒක උඹේ නම උනේ?" කියලා. ඒ වගේ මේවාටත් නම් දීලා, අපි ඒ නමින්ම අඩගහමු. 


ඔන්න අපි දැන් වැදගත් අනුපාත කීපයක් අරගෙන තියෙන්නෙ. පාඩම ඉවර කරන්නත් හිතෙනවා... ම්ම් එක්කො ‍එක පොඩි ඒත් වැදගත් එකක් අන්තිමට කියන්නම් කො. (මම මේ සංකේත අරන් තියෙන්නෙ ලේසියටනෙ. ඒකෙන්ම වැඩේ දෙන්නම්. ටයිප් කරන්න කම්මැලී අප්පා..)
මේකෙ sinα කියන පදය cosαගෙන් බෙදලා බලමු.

දැන් බලන්න අර උඩින් තියන සමීකරණ දිහා. මේ o/a කියන්නෙ tanα නේද? ඔන්න එහෙනම් අළුත් සම්බන්ධයක් එනවා,

ලොකු වැඩ ඊලග පාඩමෙන්. හැමෝටම සුභ දවසක්.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

Physics 1 | English Medium

Physics is a really easy and an enjoyable subject once you get hold of it. But you have to remember that not just listinig to the teacher and reading physics note is not enough for you to master O/L physics, you have to practice doing problems again and again. Now lets get to the lesson.

1.) Firstly lets iunderstand the different between the two terms 'Distance' and 'Displacement'.

In the diagram shown above there are three lines drawn between the points A and B. Out if them the black line is a straight line while the brown and the green lines are two randomly drawn lines connecting A and B.
Now consider drawing a line between A and B such that the length of that line is equal to the shortest distance between A and B, you will realize that line is non other than the black line itself. All the other lines that connect A and B are lnger than the one and only straight line that can be drawn connecting A and B. That straight lines length or in other words the shortest distance between two points is called the displacement betwwen them!


In summary Displacement is the shortest Distance between two points. Distance is  the length of any of the curved lines drawn between two points.

Now lets look at the the characteristics of Distance and Displacement


The quantities (measurements) taken when we study physics are called physical quantities. There are two types of physical quantities mainly.
1.) Vector quantities
2.) Scalar quantities

Vector quantities have a magnitude and a direction whereas scalar quantities only have a magnitude and no well difined direction.

Distance is a scalar quantity while Displacement is a vector qunatity. So it goes without saying when you answer a question which is about the concept of Displacement you should keep in mind to answer it with both the magnitude and direction.
Now the next thing is how do you state the direction of a displacement given? In physics the to define a direction we need two points. For an example if a man walks from town A to town B on a straight line drawn between them, if the shortest distance between the town is 50km, his displacement can be stated as, 50km to thee direction of AB. Another way of stating direction is using the direction map of  a compass, meaning you state the direction as North, South,..... or 15 degrees from North to East, 12 deggrees from South to West which is covered in O/L Maths.

Next we will learn the graphical represantation of a vector.
A vector is represented by a straight line with an arrow head. The length of the line should be directly propotional to the magnitude of the vector while the arrow should point to the direction of the vector.
The SI unit for Displacement is meters, 'm' .

2.) Now lets understand the concepts of Speed and Velocity.

Speed is a scalr quantity and Velocity is a vector quantity, meaning Speed does not have  a well difined direction while Velocity does. As an example when the direction of a moving object change which is goin on 25km per hour it has a constant Speed of 25km per hour but it does not have a contant Velocity because its direction changes.

Speed and Velocity are difined as below (simplified for O/L level),

Speed = Distance/ Time taken

Velocity = Displacement/Time taken

The SI unit for Velocity is meteres per second, 'ms-1'.

Written by : Uncle

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

සිංහල සාහිත්‍යය ඇරඹුම

සිංහල සාහිත්‍යය කියන්නෙ විභාගයේදී පහසුවෙන්ම ඒ සාමාර්තයක් ගන්න පුලුවන් කොටසක්. හැබැයි ඒකට   තමන් ගෙ නිර්මාණාත්මක චින්තනය කියන එක වගේම පරිකල්පන හැකියාව, කරුණු විශ්ලේෂණය කිරීමේ හැකියාව ආදී කරුණුත් අවස්තාවට උචිතව භාවිතා කරන්න අපි පුරුදු වෙන්න ඕන. විශේෂයෙන් ම පොතේ තියන හැම සාහිත්‍යය නිර්මාණයකම,
                        1. අඩංගු ග්‍රන්තය
                        2. ලේඛකයා
                        3. අයත් වන සාහිත්‍ය යුගය
                        4. කතෘ ගේ වෙනත් කෘති
                        5. කතෘ හා මුල් කෘතිය පිළිබද වෙනත් විස්තර
                                                 ආදිය දැනගන සිටීම අපිට විභාගෙ දි ලැබෙන ප්‍රශ්න වලදී උත්තර ලියන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙනව. 


අපි මුලින්ම බලමු ක්‍රමානුකූලව විචාරයක් ලියන්නෙ කොහොමද කියන එක.



1. ලැබෙන ප්‍රශ්නය හොදට කියවන්න. හැම අකුරක්ම. හැම වචනයක්ම. ප්‍රශ්නෙ මතුපිට පෙනෙන අදහස නොවේ සමහර විට ඊට වඩා දෙයක් ප්‍රශ්නෙ ඇතුලෙ හැංගිලා තියෙන්න පුලුවන්. හොදට ප්‍රශ්නෙ තේරුම් අරගෙන මිසක් උත්තර ලියන්න පටන් ගන්න එපා. මොකද අපි වැරදි පාරක ගියොත් අපේ ලකුණු විතරක් නෙමේ වෙන ප්‍රශ්නෙකට උත්තර ලියන්න තියන කාලයත් අපතේ යනව.



2. මේ පියවර ඕනම විචාරයකට පොදු යි. අපිට විචාරය කරන්න තියෙන්නෙ පද්‍යයක හෝ ගද්‍යයක උපමා රූපක භාවිතය හෝ වේවා, ලේඛකයාගේ ප්‍රතිභා හැකියාව වේවා, වෙනත් කුමක් හෝ වේවා, මුල් ජේදය වෙන්කරන්න පහත දැක්වෙ කරුණු වලින් එකක් හෝ කිහිපයක් විස්තර කරන්න.

         * ලේඛකයා ගැන
         * මුල් ග්‍රන්තය ගැන
         * අදාළ සාහිත්‍ය යුගය ගැන


3. ඉන් පස්සෙ ප්‍රශ්නෙට අවතීර්ණ වෙන්න. හැම වෙලාවකම අක්ෂර වින්‍යාසයයි ව්‍යාකරණයි ගැන සැළකිලිමත් වෙන්න. මොකද විභාගෙදි අපිට ලකුණු බාගයක් උනත් වටිනව. දෙවන ජේදයේ එක උදාහරණයක් අරගෙන ප්‍රශ්නෙට අදාළ විදියට ලස්සනට පැහැදිලි කරන්න. මතක තියාගන්න නිකම්ම පැහැදිලි කරන්න නෙවෙයි. ලස්සනට පැහැදිලි කරන්න. පුලුවන් තරම් ලස්සන වචන භාවිතා කරන්න. පුලුවන් තරම් විදත්ත වචන භාවිතා කරන්න. මේ විදියට ප්‍රශ්නෙ අහන විදියට උදාහරණ 3ක් හෝ 4ක් වෙන වෙනම අරන් ලියන්න. හැම වෙලාවෙම එක් උදාහරණයකට එක ජේදය බැගින් වෙන් කරන්න.



4. අන්තිම  ජේදයේ දී මුලින් ලියපු හැම කරුණක්ම විශ්ලේෂණය වන විදියට සමාලෝචනයක් කරන්න. හරියට අපි පරීක්ෂණයක් කරල අන්තිම නිගමනය දෙනව වගේ වැඩක් තමයි අන්තිම ජේදය ලියන එක. ඒ නිසා ඒකෙන් කියවෙන අදහස වඩාත් නිරවුල් හා සෘජු වෙන්න ඕන කියන එක මතක තියා ගන්න. අන්තිම වාක්‍යය විදියට ගැලපෙන නිර්මාණාත්මක වාක්‍යයකින් ඉවර කරන්න. ඒකට හොද ලේකකයෙක් ගෙ පොතකින් ගත්ත පාඨයක් උනත් කමක් නෑ. 



ඔය මම සරලව කිව්වෙ විචාරයක් ලියන කොට පිළිපදින්න ඕන මූලික පියවර ටික. අනාගතයෙදි අපි උදාහරණ සහිතව එක් එක් පාඩම් ගැන වෙන වෙන ම අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට තියන ප්‍රශ්න අපෙන් අහන්න. දන්න විදියට කියල දෙන්නම්. අපිත් එක්ක රැදිල ඉන්න. ඔබට ජය මල්ලී!!

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

භෞතික විද්‍යාව 1 | සිංහල මාධ්‍යය

භෞතික විද්‍යාව කියන්නෙ විශය කරුණු හරියාකාරව ඔළුවට එක පාරක් දාගත්තොත් හරිම ලේසි වගේම විනෝදයෙන් කරගෙන යන්න පුළුවන් විශය කොටසක්. සාමාන්‍ය පෙළ පන්තියේදි කරන්නෙ නිකන් ලාවට වගේ භෞතික විද්‍යාව අතගාගෙන යනවා වගේ දෙයක්. නිකං කියන දේ බැලුවාට භෞතික විද්‍යාව ඔළුවට නම් යන්නෙ නෑ. අභාස කරන්නත් ඕන. මීට සමගාමී අභ්‍යාසමාලාවකුත් නිකුත් කරනවා බය වෙන්න එපා. හරි ඉතින්, දේශනා ඕන නෑ අපි වැඩේ පටන්ගමු.

1) ඉස්සෙල්ලාම තියෙන්නෙ දුර (Distance), විස්ථාපනය (Displacement) කියන දෙක ගැන ඉගෙනගන්න

බලන්න මේ රූපෙ දිහා. කොළ පාටට තියන තිත් දෙක නගර දෙකක් කියලා හිතමු. ඒ නගර වලට යන්න මාර්ග ගොඩක් තියනවා පේනවා නේද? ඒත් තැඹ්ලි පාට මාර්ගයේ වෙනසක් තියනවා. ඒ තමයි තැඹිලි පාට මාර්ගය තමයි‍ කෙටිම මාර්ගය. ඒ කියන්නෙ දුර අඩුම මාර්ගය. දුරක් කියන එක පහදන්න දෙයක් නෑ තේ‍රෙනවානෙ. ඔය මීටර් මෙච්චරයි, කිලෝමීටර් මෙච්චරයි කියලා කියන්නෙ.
උදා : ගාල්ලෙ ඉදලා කොළඹට දුර කිලෝමීටර් 116

ඒත් විස්ථාපනය කියලා කියන්නෙ යම් ලක්ෂ දෙකක් අතර තියන කෙටිම දුරට. මේ කෙටිම දුර සරළ රේඛාවක්ම වෙන්න ඕන. ඕනම ලක්ෂ දෙකක් අතරෙ ඕන ඕන හැඩ වලින් අපිට මාර්ග අදින්න පුළුළුන්. ඒත් කෙටිම මාර්ගය සරළ රේඛාවක් ම තමයි. 

මේකෙදි විස්ථාපනය ගැන විශේෂ අවධානයක් යොමු වෙනවා. විස්ථාපයන කියන්නෙ දෛශිකයක්. ඒ කියන්නෙ විශාලත්වයක්, දිශාවක් වගේම ක්‍රියාරේඛාවක් තියන දෙයක්. අපි දුරක් දක්වනවා නම් කියන්න ඕන කිලෝමීටර් හරි, මීටර් හරි මොනවා හරි මෙන්න මෙච්චරයි කියලා විතරයි. ඒත් අපි විස්ථාපනයක් දක්වද්දි කියන්න ඕන ඒකෙ විශාලත්වයත්, අදාල දිශාවත් කියන දෙකම. (මේකෙ මේ ක්‍රියාරේඛාව ගැන සාමාන්‍යපෙළ පන්තියෙදි වැඩිය කතාබහ නෙවුනත් දෛශිකයක වැදගත් ලක්ෂණයක් තමයි ක්‍රියාරේඛාව කියන්නෙ)

උදා: මීටර් 100 - උතුරට (විස්ථාපනයක්) 
[ඒත් අපි නිකම්ම මීටර් 100 යි කිවුවා නම් ඒ කියන්නෙ දුරක් ගැන විතරයි] 
(සම්මතයක් විදිහට විස්ථාපනයක් මනින්නෙ මීටර් වලින් ඒ කියන්නෙ විස්ථාපනයෙ SI ඒකකය මීටර් අංකනය කරන්නෙ "m" අකුරෙන්)

2) දැන් බලමු වේගය (Speed) , ප්‍රවේගය (Velocity) කියන දෙක ගැන 

අපි ඉස්සෙල්ලාම සරළව බලමු. වේගය කියලා කිවුව ගමන් අපිට මතක් වෙන්නෙ පැයට කිලෝමීටර් මෙච්චර ගාණක් කියලා නෙ (මට නං එහෙමයි ඈ). ඒ කියන්නෙ පැයකට යන කිලෝමීටර් ගාණ. ඒ කියන්නෙ යම් දුරක් යන්න ගත වෙන කාලය. අපිට එහෙනම් සරළ සම්බන්ධයක් ගන්න පුළුවන්.
අපි ඒකට උදාහරණයක් බලමු,

  •  මගියෙක් මීටර් 20 දුරින් පිහිටි බස් රථයක් අසලට ළගාවීමට තත්පර 10 ක කාලයක් ගනී. ඔහුගේ වේගය? 

වේගය = දුර/කාලය = 20m / 10s = 2ms^-1 (මේ ms^-1 කියලා ලිවුවෙ s අකුරට උඩින් -1 ළකුණක් දාන්නෙ. එන්න ඒක. බෙදීම ඉර යටින් තියන රාශීන් ඉර උඩට එද්දි -1 ක් විදිහට එනවා නෙ. නැත්නම් මේකම m/s කියලා ලියන්නත් පුළුවන්) 

වේගය කියන එක අපි දන්නවා නෙ. දැං බලමු මොකද්ද ප්‍රවේගය කියන්නෙ කියලා. ප්‍රවේගයක් කියන්නෙ විස්ථාපනයක් කාලයකින් බෙදුවාම එන අගය. ඒ කියන්නෙ මෙන්න මේ සමීකරණයෙන් එන අගය.

වැඩි දෙයක් නෑ. විස්ථාපනයක් කියන්නෙ මොකද්ද කියලා දන්නවා නෙ. එහෙනම් ඒ විස්ථාපනය කාලයෙන් බෙදුවාම එන එක තමයි ප්‍රවේගය. 

ප්‍රවේගය කියන එකේ විශේෂම දේ තමයි ප්‍රවේගය කියන්නෙත් දෛශික රාශියක්. ප්‍රවේගයක් සම්මත විදිහට දක්වන්නෙ තත්පරයට මීටර් වලින්. ඒ කියන්නෙ ප්‍රවේගයේ SI ඒකකය තප්පරයට මීටර්. අංකනය කරන්නෙ ms^-1 වලින්...

වැඩියි වගේ නේ. මේ ටික ඇති. ප්‍රස්තාරත් එක්ක මේවා තව විස්තර වෙනවා ඉස්සරහදී. ඒවා ඒ වෙලාවට කියන්නම්. ආහ් තව එකක්.. ප්‍රශ්න දෙන්න මේ ටික විතරක් මදි නෙ. ඒක ඉස්සරහාට තව ටිකක් කියලා දාන්නම්..

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

අරමුණ පැහැදිලි කිරීම

මම මේ බ්ලොග් එක ලියන්නෙ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන්. මම දන්න දේවල් පුළුවන් තරම් කෙටියෙන් මම මේ බ්ලොග් එකේ ඇතුලත් කරනවා. කෙනෙක්ට අවශ්‍ය නම් මේකෙන්ම කෙටි සටහනක් උනත් හදාගත්තාට කමක් නෑ. මම පාවිච්චි කරපු කෙටි ක්‍රම, හොර ක්‍රම ඔක්කොම කියන්න තමයි බලාපොරොත්තුව. උසස් පෙළ ලියන ගමන් මේ බ්ලොග් එකත් ලියන නිසා මුළු කාලයම වැය කරලා මේක ලියන්න වෙන එකක් නම් නෑ. ඒත් වෙලාව තියන හැටියට ලියන්නම්‍.

සාමාන්‍ය පෙළ විශයට මං ලෑස්ති වෙන්න පටන් ගත්තෙ විභාගෙ කට ළග තියලා. මං ලිවුව හැටි ගැන කියන මෙන්න මේ පෝස්ට් එක කියවනවා නං හොදයි. පොඩි අදහසක් ගන්නත් පුළුවන් නෙ. කොහොම උනත් ඒ මං කොරපු හැටි. ඕක එක එක්කෙනාට වෙනස් වෙනවා. මං සාමාන්‍ය පෙළ කරේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒ නිසා සමහර විශයන් ගැන වැඩිය හිතන්න උනා. මං මේකෙ සිංහල, ඉංග්‍රීසි කියන මාධ්‍ය දෙකේම අයට තේරෙන විදිහට තමයි දාන්න බලාපොරොත්තු වෙන්නෙ නම්.

මම මේකෙ කියන්න යන්නෙ,

  • විද්‍යාව විශයේ උප විශයක් වන භෞතික විද්‍යාව 
  • විද්‍යාව විශයේ උප විශයක් වන රසායන විද්‍යාව
  • ගණිතය
  • ඉතිහාසය
  • සිංහල සාහිත්‍යය
  • තොරතුරු තාක්ෂණයේ යම් යම් කොටස්
  • ඉතිහාසය යම් කොටස්

අති විශේෂ :
මං හිතන් හිටියෙ මේ බ්ලොග් එක තනියෙන් ලියන්න. ඒත් කල්පනා කරද්දි හිතුනා මේක එච්චර ලේසි වැඩක් නෙමෙයි කියලා. මං මගේ හොද මොළකාර යාළුවො දෙන්නෙක්ගෙන් ඇහුවා මාත් එක්ක මේක ලියන්න එනවාද කියලා. එක පයින් දෙන්නාම කැමති උනා. ඇත්තටම ඉස්සරහාට හොද ගුණාත්මක සේවයක් සපයන්න අපේ සෙට් එකට පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා.. ඉස්සරහාට තව කට්ටිය එකතු වෙයි.. 

බ්ලොග් එක ලියන අපි


මම,
2009 සාමාන්‍ය පෙළ කරේ.
මගේ ප්‍රධාන බ්ලොග් එක ආගන්තුකයා


ක්‍රියේටිවු හස්තය,
2009 සාමාන්‍ය පෙළ කරේ.
බ්ලොග් එක සිතුවිල්ල


Uncle,
2009 සාමාන්‍ය පෙළ කරේ.
බ්ලොග් එකක් ලියන්නෑ

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS