RSS
Showing posts with label සිංහල සාහිත්‍ය. Show all posts
Showing posts with label සිංහල සාහිත්‍ය. Show all posts

සිංහල සාහිත්‍යය ඇරඹුම

සිංහල සාහිත්‍යය කියන්නෙ විභාගයේදී පහසුවෙන්ම ඒ සාමාර්තයක් ගන්න පුලුවන් කොටසක්. හැබැයි ඒකට   තමන් ගෙ නිර්මාණාත්මක චින්තනය කියන එක වගේම පරිකල්පන හැකියාව, කරුණු විශ්ලේෂණය කිරීමේ හැකියාව ආදී කරුණුත් අවස්තාවට උචිතව භාවිතා කරන්න අපි පුරුදු වෙන්න ඕන. විශේෂයෙන් ම පොතේ තියන හැම සාහිත්‍යය නිර්මාණයකම,
                        1. අඩංගු ග්‍රන්තය
                        2. ලේඛකයා
                        3. අයත් වන සාහිත්‍ය යුගය
                        4. කතෘ ගේ වෙනත් කෘති
                        5. කතෘ හා මුල් කෘතිය පිළිබද වෙනත් විස්තර
                                                 ආදිය දැනගන සිටීම අපිට විභාගෙ දි ලැබෙන ප්‍රශ්න වලදී උත්තර ලියන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙනව. 


අපි මුලින්ම බලමු ක්‍රමානුකූලව විචාරයක් ලියන්නෙ කොහොමද කියන එක.



1. ලැබෙන ප්‍රශ්නය හොදට කියවන්න. හැම අකුරක්ම. හැම වචනයක්ම. ප්‍රශ්නෙ මතුපිට පෙනෙන අදහස නොවේ සමහර විට ඊට වඩා දෙයක් ප්‍රශ්නෙ ඇතුලෙ හැංගිලා තියෙන්න පුලුවන්. හොදට ප්‍රශ්නෙ තේරුම් අරගෙන මිසක් උත්තර ලියන්න පටන් ගන්න එපා. මොකද අපි වැරදි පාරක ගියොත් අපේ ලකුණු විතරක් නෙමේ වෙන ප්‍රශ්නෙකට උත්තර ලියන්න තියන කාලයත් අපතේ යනව.



2. මේ පියවර ඕනම විචාරයකට පොදු යි. අපිට විචාරය කරන්න තියෙන්නෙ පද්‍යයක හෝ ගද්‍යයක උපමා රූපක භාවිතය හෝ වේවා, ලේඛකයාගේ ප්‍රතිභා හැකියාව වේවා, වෙනත් කුමක් හෝ වේවා, මුල් ජේදය වෙන්කරන්න පහත දැක්වෙ කරුණු වලින් එකක් හෝ කිහිපයක් විස්තර කරන්න.

         * ලේඛකයා ගැන
         * මුල් ග්‍රන්තය ගැන
         * අදාළ සාහිත්‍ය යුගය ගැන


3. ඉන් පස්සෙ ප්‍රශ්නෙට අවතීර්ණ වෙන්න. හැම වෙලාවකම අක්ෂර වින්‍යාසයයි ව්‍යාකරණයි ගැන සැළකිලිමත් වෙන්න. මොකද විභාගෙදි අපිට ලකුණු බාගයක් උනත් වටිනව. දෙවන ජේදයේ එක උදාහරණයක් අරගෙන ප්‍රශ්නෙට අදාළ විදියට ලස්සනට පැහැදිලි කරන්න. මතක තියාගන්න නිකම්ම පැහැදිලි කරන්න නෙවෙයි. ලස්සනට පැහැදිලි කරන්න. පුලුවන් තරම් ලස්සන වචන භාවිතා කරන්න. පුලුවන් තරම් විදත්ත වචන භාවිතා කරන්න. මේ විදියට ප්‍රශ්නෙ අහන විදියට උදාහරණ 3ක් හෝ 4ක් වෙන වෙනම අරන් ලියන්න. හැම වෙලාවෙම එක් උදාහරණයකට එක ජේදය බැගින් වෙන් කරන්න.



4. අන්තිම  ජේදයේ දී මුලින් ලියපු හැම කරුණක්ම විශ්ලේෂණය වන විදියට සමාලෝචනයක් කරන්න. හරියට අපි පරීක්ෂණයක් කරල අන්තිම නිගමනය දෙනව වගේ වැඩක් තමයි අන්තිම ජේදය ලියන එක. ඒ නිසා ඒකෙන් කියවෙන අදහස වඩාත් නිරවුල් හා සෘජු වෙන්න ඕන කියන එක මතක තියා ගන්න. අන්තිම වාක්‍යය විදියට ගැලපෙන නිර්මාණාත්මක වාක්‍යයකින් ඉවර කරන්න. ඒකට හොද ලේකකයෙක් ගෙ පොතකින් ගත්ත පාඨයක් උනත් කමක් නෑ. 



ඔය මම සරලව කිව්වෙ විචාරයක් ලියන කොට පිළිපදින්න ඕන මූලික පියවර ටික. අනාගතයෙදි අපි උදාහරණ සහිතව එක් එක් පාඩම් ගැන වෙන වෙන ම අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට තියන ප්‍රශ්න අපෙන් අහන්න. දන්න විදියට කියල දෙන්නම්. අපිත් එක්ක රැදිල ඉන්න. ඔබට ජය මල්ලී!!

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS