RSS
Showing posts with label ගණිතය. Show all posts
Showing posts with label ගණිතය. Show all posts

ගණිතය 4 ත්‍රිකෝණමිතිය | සිංහල මාධ්‍යය

එදා අපි නැවැත්තුවෙ බොහොම හොද තැනකින්. අද අපිට හොද හුස්මක් අරන් වැඩ පටන් ගන්න පුළුවන්. හොදයි. දැන් තමයි ත්‍රිකෝණමිතිය පටන්ගන්නෙ. ඊට කලින් සරළ දේවල් ටිකක් කියලා ඉන්නම්. මට හොදටම විස්වාසයි sin,cos,tan ත්‍රිකෝණමිතික අනුපාත ගැන දැන් හොද අවබෝධයක් ඇති කියලා‍. එදා අර මං දුන්නා නෙ ගණන් ටිකක්. පළවෙනි ගණන් නං අවුලක් නෑ කියලා හිතනවා. අන්තිම ගාණ ඉස්සෙල්ලාම බලමු. 

[sin(A)]2 + [cos(A)]2

හරි, මං කිවුවා වගේ ඉස්සෙල්ලාම සෘජුකෝණී ත්‍රිකෝණයක් ගහගමු. පස්සෙ කරන්නෙ මොකද්ද කියලා හිතමු.

මේකෙ අර කහ පාටින් රවුම් කරලා තියන කෑල්ලට මේ ප්‍රතිඵලේ එන්නෙ පයිතගරස් ප්‍රමේයයෙන්. මතකයි නෙ. හරි. ඔන්න දැන් අපි ගානක් බලමු. ටිකක් ඔළුව කචල් වෙන එකක්.

ABC BCD AED EDF
ඔන්න ඕකයි ගාන. මේකෙ DF දිග හොයන්නයි ඕන. බැලුව ගමන් හිතෙයි මේ ත්‍රිකෝණමිතිය ද කියලා. ඔවු නෙ මේ ත්‍රිකෝණමිතිය. අපි ඉස්සෙල්ලාම බලමු මේ දීලා තියන ත්‍රිකෝණ වල ලක්ෂණ. හැම ත්‍රිකෝණයක්ම සෘජුකෝණී. ඒ නිසා අපි පිළිවෙලට වැඩේ කරන් යමු. අපේ ඔළුවෙ තියෙන්න ඕන මොකද්ද අ‍පේ අරමුණ කියන එක. ඒ තමයි DF දිග හොයට එක. DF දිග හොයන්න අපි DE දැනගන්න ඕන. DE දැනගන්න අපි AC සහ CD දැනගන්න ඕන. CD දැනගන්න අපි BC දැනගන්න ඕන. හරි නෙ. අපි ආපස්සට එකින් එක හොයාගෙන යමු.

ABC ත්‍රිකෝණයෙන් අපි හොයන වැඩේ පටන්ගමු.
දැන් අපි BC දන්න නිසා BCD ත්‍රිකෝණයෙන් CD හොයන්න පුළුවන්.

AD = AC + CD නෙ..
AD = 3/2 + 1/2 
AD =2

ඔන්න දැන් වැඩේ ලේසියි, මම පිළිවෙලින් AED සහ EDF ත්‍රිකෝණ වලට මෙහෙම ලියනවා.


දැක්කා නේද? කොච්චර ලේසිද කියලා.. අපි ක්‍රමානුකූලව යමක් කරගෙන ගියොත් හරිම ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන්.  මෙහෙම හරියන්නෑ.. කොළයක් පෑනක් අරන් මේක ඇදන් තනියෙන් උත්සාහා කරන්න. එතකොට තමා හොදට තේරෙන්නෙ. මම හිතන්නෙ අදට මේ ඇති. හෝම් වර්ක් එකක් විදිහට තව ගානක් දෙන්නම් කො.


උත්තර https://www.facebook.com/OlShortNotes පිටුවට එවන්න. අපි හරි වැරදි කතා කරමු.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ගණිතය 3 ත්‍රිකෝණමිතිය | සිංහල මාධ්‍ය

ඔන්න හරි.. එදා ප්‍රධාන ත්‍රිකෝණමිතික අනුපාත ටික බැලුවා නෙ. නැද්ද ළමයි. ඕක ඉතිං කරුමෙට කටපාඩං කොරගන්න වෙනවා. ඉතිං අපි බලමු ලේසි විදිහක් ඕක කරන්න. ඉස්සෙල්ලාම කියන්න තියෙන්නෙ, ඔය අපි පාඩං කරගන්න ඕන ඒවායෙන් sin,cos කියන ත්‍රිකෝණමිතික අනුපාත විතරයි. tan කියන්නෙ sin / cos කියලා කී පාරක් නං මං කිවුවාද නේද?

ඔය අපි පාඩං කරගන්න ඕන ඕකෙන් එකක් දෙකක්. ඉතුරුවා ඉබේම එනවා. ඔන්න සරළයි, අපි බලමු.




දැක්කානෙ.. ඔය තියෙන්නෙ. sin30 = 1/2 , cos60 = 1/2 ඒ වගේම තමා දෙපැත්තෙ තියන අනිත් දෙන්නාත්. sin45 යි cos45 යි සමානයි නෙ. ඒ දෙකම එකම අගේ. ඔය sin තීරුව, cos තී‍රුවෙන් බෙදුවාම යට තියන එක එනවා නෙ නේද?

හරි අපි පොඩ්ඩක් වැඩේ තේරෙන්නත් එක්ක ගාණක් බලමු.

උදා : sin(30) x sin(60) + cos (30) x cos (60) හි අගය සොයන්න.











ඔන්න ඉතිං මං හිතනවා තේරුනා කියලා. නිකං අගයන් ආදේශ කරලා සුළු කරන්න තියෙන්නෙ.
දැං මම ගණව් ටිකක් දෙනවා. සුළු කරන්න ඕන. ඒක හරියට කරලා අපේ ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දාන්නකො. (https://www.facebook.com/OlShortNotes)

1. sin60*sin30 + cos60*cos30
2. sin45*cos45 + tan45*tan60
3. (sin30)+ (cos30)2
4. tan45*tan60+tan45*tan30
5. [sin(A)]2 + [cos(A)]2

අන්තිම එක ටිකක් අවුල් වගේ නේද? ඒකට පොඩි සෘජුකෝණී ත්‍රිකෝණයක් ගහගෙන A කියලා කෝණයක් දාගෙන පොඩි ගේමක් දෙන්නකො බලන්න.

දැන් ඉතින් ප්‍රශ්නයක් නෙ. ඕවා කරන්න මොකටද ත්‍රිකෝණමිතිය. නැද්ද මං අහන්නෙ? නෑ නෑ ඒකට නෙමෙයි ත්‍රිකෝණමිතිය ඕන. මොකක් හරි කෝණයක් දන්නවා නම් එක පාදයක් දන්නවා නම්, අනිත් පාද ගැන අපිට කියන්න පුළුවන් සෘජුකෝණී ත්‍රිකෝණ වල.

අපි සරළ අවස්ථාවක් අරන් බලමු. 



බලමු ඒකෙත් හැටි. නැද්ද? 

පෝස්ට් එක දිග්ගැස්සෙයි වගේ තව කියන්න ගියොත්. අපි ත්‍රිකෝණමිතියෙ වැඩ පටංගත්තෙ දැං තමයි. මේ ටික හොදට කරන් යන්න ඕන. මොකද ගණං එන්නෙ මේවයෙන් නෙ. 

උත්තර අපේ පිටුවට එවන්න. ඕ ලෙවල් කරන අය ඉන්නවා නම් ඒ අයට මේ පිටුවට එකතු වෙන්න කියලා කිවුවට වරදක් නෑ..

https://www.facebook.com/OlShortNotes

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ගණිතය 2 ත්‍රිකෝණමිතිය | සිංහල මාධ්‍ය



පළවෙනි පාඩමෙන් ඉගෙනගත්තා නෙ sin, cos, tan කියන අනුපාත ගැන. අද අපි ඉස්සෙල්ලාම බලමු වැදගත් ත්‍රිකෝණමිතික අනුපාත කීපයක අගයන් සමපාද ත්‍රිකෝණයක් ඇසුරෙන් ලබාගන්න හැටි ගැන. මං හිතන්නෙ විභාගෙදි මේවා දෙන්නෙ නෑ. ඒ නිසා මේවා පාඩං කරගෙන තියාගන්න ඕන මයෙ හිතේ.


මම මේ සදහා යොදාගන්නෙ පැත්තක දිග 2a වන සමපාද ත්‍රිකෝණයක්. මේකෙ මම BC පාදයට ලම්භක වෙන්න AN නිර්මාණය කරගන්නවා. දැන් අපි බලමු මේ ත්‍රිකෝණයේ තියන ලක්ෂණ මොනවාද කියලා.

1. සමපාද ත්‍රිකෝණයක පාද ඔක්කොම දිගින් සමානයි. ඒ වගේම ඇතුලෙ කෝණත් සමානයි. අර මම පළවෙනි පෝස්ට් එකේ කිවුවා නේ ත්‍රිකෝණයක කෝණ වල එකතුව අංශක 180 යි කියලා. මේ ත්‍රිකෝණෙ කෝණ සමානයි නෙ. අපි එක කෝණයක් "x" කියලා ගමු. ත්‍රිකෝණෙට තියෙන්නෙ කෝණ 3ක් නිසා,
x+x+x  = 180°
3x        =180°
x          = 60°

2. AN නිර්මාණය කරලා තියන හැටියට BN = NC වෙනවා. ඒ වගේම BAN කෝණය, NAC කෝණයට සමාන වෙනවා. ඒ වගේම තමයි මේකෙ BAN කෝණයෙයි,  NAC කෝණයෙයි එකතුව 60° නිසා මේ එක කෝණයක් 30° කි වෙනවා.

3. අපි කවුරුත් දන්නවා නෙ පයිතගරස් ප්‍රමේයය. ABN ත්‍රිකෝණයට අපි පයිතගරස් ප්‍රමේය දැම්මොත්,
BN2 + NA2 = AN2
a2 + NA2 = (2a)2
NA2 = 4a2 - a2
NA2 = 3a2
NA = √3a

දැන් හරි. අපිට දැන් විශේෂ sin, cos, tan අනුපාත ටිකක් ගන්න පුළුවන්. ඒකට පාව්චිචි කරන්න යන්නෙ ABN ත්‍රිකෝණය. මම ඒක විතරක් ගන්නම් කො,


දැන් අපි බලමු මේ එක එක කෝණයට සාපේක්ෂව මොනවාද කෝණ කියලා. 





දැන් ඉතින් අපි මේ එක එක ඒවාට අනුරූපව එන අගයන් පොඩ්ඩක් බලමු. මම දෙකක් තුනක් දාලා අන්තිමට චාට් එකක් දානවා හරි ද.

ඉස්සෙලාම බලමු අංශක 30 ත් එක්ක.


මේ වගේම අනිත් ටිකත් කොළයක් අරන් කරන්නකො. දැන් අපි බලමු 45° එක්ක කොහොමද මේ අගයන් ලැබෙන්නෙ කියලා. මේකට අපිට සෘජුකෝණී ත්‍රිකෝණයක් ඕන පාද දෙකක් දිගින් සමාන.
මෙන්න මේකෙ AC = BC වෙනවා. ඒවා අපි කියලා ගත්තොත්, මේක සෘජුකෝණී ත්‍රිකෝණයක් නිසා,
ABC ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේයයෙන්,
AC+ BC2 = AB2
a2 +  a = AB2
AB = √2a


මේකටත් අපිට ත්‍රිකෝණමිතික අනුපාත දාන්න පුළුවන් නෙ, (මම කෙටියෙන් ලියන්නම්)

මෙන්න මේ වගේ ඔය ඔක්කොම සාධනය කරන්න. මේවා තනියෙම කොළේක ඇදලා හදන්න බලන්න පල්ලෙහා ඒවාද ආවෙ කියලා,


ගනං දෙන්නං ඊලග එකේ ඉදන්. මේ ටික කරලා බලලා පුරුදු වෙන්න තනියෙන්. නිකන් බැලුවාට නම් වැඩක් නෑ‍.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ගණිතය 1 ත්‍රිකෝණමිතිය | සිංහල මාධ්‍යය


ගණිතය පාඩමේ ඉස්සෙල්ලාම තියෙන්නෙ නම් පරිමිතිය, වර්ගඵලය එහෙම හොයන කොටස්. ඒත් ඉතින් ඒවා ටිකක් සාමාන්‍ය දේවල් කියලා හිතුන නිසා මම හිතුවා ත්‍රිකෝණමිතිය පාඩම තෝරගන්න ඕන කියලා. ගොඩක් අයට සාමාන්‍යපෙළ පන්තියෙදි ත්‍රිකෝණමිතිය වහකදුරු වගේ. ඒකට මූලිකවම හේතු වෙලා තියෙන්නෙ හරියට මූලික දේවල් ඔළුවට දාගන්නෙ නැති එක. ඔන්න එහෙනම් වැඩිය කියවන්නෙ නැතුව පාඩම පටන්ගන්නම්.

(මම මේ බ්ලොගයේ ලියන්නෙ විශයනිර්දේශයේ තියන කරුණු මම දකින තේරුම්ගන්න, කරන්න පුළුවන් ආකාරයෙන් මිසක් විශයනිර්දේශය කොපි කිරීමක් නම් නෙමෙයි)

ත්‍රිකෝණයක දැනගතයුතු ලක්ෂණ


ත්‍රිකෝණයක ඔය ඇතුලෙ තියන කෝණ පේනවා නෙ A,B,C කියලා පෙන්නලා තියෙන්නෙ. අන්න ඒවා ගැන දැනගන්න දෙයක් තියනවා. ඒ තමයි,


ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 180 ක් කියන එක.
ගණිතය බාසාවෙන් කිවුවොත්,
A+B+C=180°

ඒක හරි නෙ, අපි දැන් බලමු මොකද්ද මේ ත්‍රිකෝණමිතිය කියන්නෙ කියලා.

ත්‍රිකෝණමිතිය කියලා ඉතිං කියන්නෙ ත්‍රිකෝණ වල කෝණවලයි පාදවලයි සම්බන්ධතාවයක් නෙ. මේ සම්බන්ධ ගොඩනගාගන්න අපි පාවිච්චි කරන්නෙ සෘජුකෝණී ත්‍රිකෝණයක්. හරියට මේ පල්ලෙහා තියන එක වගේ. මට ඉතිං කොටනන් ලේසියට මං ඒක අංකනය කරගන්නම්. ඔය පේන්න තියන α කෝණෙට සාපේක්ෂව දක්වලා තියන අනුරූප පාද මම මේ කියන නම් වලින් හදුන්වන්නෙ

  • සම්මුඛ පාදය (opposite side) = o
  • බද්ද පාදය (adjacent side) = a
  • කරණය (hypotaneuse) = h

හැබැයි තව එකක් හොදේ, අපි මෙහෙම ඕක නම් කරාට මේක මම දීපු α කෝණෙට සාපේක්ෂව. ඒ කියන්නෙ α කෝණෙට සම්බන්ධ නැති මුහුණලා තියන එක තමයි සම්මුඛ පාදෙ වෙන්නෙ. ඔය ත්‍රිකෝණ මොන අතකට හරවලා තිබ්බත් ඒක ඒ විදිහමයි. හැබැයි මේක වලංගු වෙන්නෙ මේ ජාතියෙ, ඒ කියන්නෙ සෘජුකෝණී ත්‍රිකෝණ වලට විතරයි.

හරි, දැන් අපි බලමු මේකෙන් ගන්න පුළුවන් සරළ සම්බන්ධ ටිකක්, ඇත්තම කිවුවොත් අනුපාත ටිකක් අංකනය කරන විදිහ,
මේවා ආවෙ කොහෙන්ද, මොන රටෙන්ද මොන ලෝකෙන්ද කියලා නම් මං දන්නෙ නෑ. ඒත් මේවා මෙහෙම තමා ඒ කාලෙ ඉදන්ම අංකනය කරගෙන ඉන්නෙ. අපි කාගෙ හරි නමක් ඇහුවාම ඒ කෙනා කියනවා මගේ නම මෙන්න මේකයි කියලා. අපි ඉතින් අහන්න යන්නෙ නෑ නෙ, "ආ කොහොමද ඒක උඹේ නම උනේ?" කියලා. ඒ වගේ මේවාටත් නම් දීලා, අපි ඒ නමින්ම අඩගහමු. 


ඔන්න අපි දැන් වැදගත් අනුපාත කීපයක් අරගෙන තියෙන්නෙ. පාඩම ඉවර කරන්නත් හිතෙනවා... ම්ම් එක්කො ‍එක පොඩි ඒත් වැදගත් එකක් අන්තිමට කියන්නම් කො. (මම මේ සංකේත අරන් තියෙන්නෙ ලේසියටනෙ. ඒකෙන්ම වැඩේ දෙන්නම්. ටයිප් කරන්න කම්මැලී අප්පා..)
මේකෙ sinα කියන පදය cosαගෙන් බෙදලා බලමු.

දැන් බලන්න අර උඩින් තියන සමීකරණ දිහා. මේ o/a කියන්නෙ tanα නේද? ඔන්න එහෙනම් අළුත් සම්බන්ධයක් එනවා,

ලොකු වැඩ ඊලග පාඩමෙන්. හැමෝටම සුභ දවසක්.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS