RSS

ගණිතය 1 ත්‍රිකෝණමිතිය | සිංහල මාධ්‍යය


ගණිතය පාඩමේ ඉස්සෙල්ලාම තියෙන්නෙ නම් පරිමිතිය, වර්ගඵලය එහෙම හොයන කොටස්. ඒත් ඉතින් ඒවා ටිකක් සාමාන්‍ය දේවල් කියලා හිතුන නිසා මම හිතුවා ත්‍රිකෝණමිතිය පාඩම තෝරගන්න ඕන කියලා. ගොඩක් අයට සාමාන්‍යපෙළ පන්තියෙදි ත්‍රිකෝණමිතිය වහකදුරු වගේ. ඒකට මූලිකවම හේතු වෙලා තියෙන්නෙ හරියට මූලික දේවල් ඔළුවට දාගන්නෙ නැති එක. ඔන්න එහෙනම් වැඩිය කියවන්නෙ නැතුව පාඩම පටන්ගන්නම්.

(මම මේ බ්ලොගයේ ලියන්නෙ විශයනිර්දේශයේ තියන කරුණු මම දකින තේරුම්ගන්න, කරන්න පුළුවන් ආකාරයෙන් මිසක් විශයනිර්දේශය කොපි කිරීමක් නම් නෙමෙයි)

ත්‍රිකෝණයක දැනගතයුතු ලක්ෂණ


ත්‍රිකෝණයක ඔය ඇතුලෙ තියන කෝණ පේනවා නෙ A,B,C කියලා පෙන්නලා තියෙන්නෙ. අන්න ඒවා ගැන දැනගන්න දෙයක් තියනවා. ඒ තමයි,


ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 180 ක් කියන එක.
ගණිතය බාසාවෙන් කිවුවොත්,
A+B+C=180°

ඒක හරි නෙ, අපි දැන් බලමු මොකද්ද මේ ත්‍රිකෝණමිතිය කියන්නෙ කියලා.

ත්‍රිකෝණමිතිය කියලා ඉතිං කියන්නෙ ත්‍රිකෝණ වල කෝණවලයි පාදවලයි සම්බන්ධතාවයක් නෙ. මේ සම්බන්ධ ගොඩනගාගන්න අපි පාවිච්චි කරන්නෙ සෘජුකෝණී ත්‍රිකෝණයක්. හරියට මේ පල්ලෙහා තියන එක වගේ. මට ඉතිං කොටනන් ලේසියට මං ඒක අංකනය කරගන්නම්. ඔය පේන්න තියන α කෝණෙට සාපේක්ෂව දක්වලා තියන අනුරූප පාද මම මේ කියන නම් වලින් හදුන්වන්නෙ

  • සම්මුඛ පාදය (opposite side) = o
  • බද්ද පාදය (adjacent side) = a
  • කරණය (hypotaneuse) = h

හැබැයි තව එකක් හොදේ, අපි මෙහෙම ඕක නම් කරාට මේක මම දීපු α කෝණෙට සාපේක්ෂව. ඒ කියන්නෙ α කෝණෙට සම්බන්ධ නැති මුහුණලා තියන එක තමයි සම්මුඛ පාදෙ වෙන්නෙ. ඔය ත්‍රිකෝණ මොන අතකට හරවලා තිබ්බත් ඒක ඒ විදිහමයි. හැබැයි මේක වලංගු වෙන්නෙ මේ ජාතියෙ, ඒ කියන්නෙ සෘජුකෝණී ත්‍රිකෝණ වලට විතරයි.

හරි, දැන් අපි බලමු මේකෙන් ගන්න පුළුවන් සරළ සම්බන්ධ ටිකක්, ඇත්තම කිවුවොත් අනුපාත ටිකක් අංකනය කරන විදිහ,
මේවා ආවෙ කොහෙන්ද, මොන රටෙන්ද මොන ලෝකෙන්ද කියලා නම් මං දන්නෙ නෑ. ඒත් මේවා මෙහෙම තමා ඒ කාලෙ ඉදන්ම අංකනය කරගෙන ඉන්නෙ. අපි කාගෙ හරි නමක් ඇහුවාම ඒ කෙනා කියනවා මගේ නම මෙන්න මේකයි කියලා. අපි ඉතින් අහන්න යන්නෙ නෑ නෙ, "ආ කොහොමද ඒක උඹේ නම උනේ?" කියලා. ඒ වගේ මේවාටත් නම් දීලා, අපි ඒ නමින්ම අඩගහමු. 


ඔන්න අපි දැන් වැදගත් අනුපාත කීපයක් අරගෙන තියෙන්නෙ. පාඩම ඉවර කරන්නත් හිතෙනවා... ම්ම් එක්කො ‍එක පොඩි ඒත් වැදගත් එකක් අන්තිමට කියන්නම් කො. (මම මේ සංකේත අරන් තියෙන්නෙ ලේසියටනෙ. ඒකෙන්ම වැඩේ දෙන්නම්. ටයිප් කරන්න කම්මැලී අප්පා..)
මේකෙ sinα කියන පදය cosαගෙන් බෙදලා බලමු.

දැන් බලන්න අර උඩින් තියන සමීකරණ දිහා. මේ o/a කියන්නෙ tanα නේද? ඔන්න එහෙනම් අළුත් සම්බන්ධයක් එනවා,

ලොකු වැඩ ඊලග පාඩමෙන්. හැමෝටම සුභ දවසක්.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

2 දෙනෙක් අදහස් කිවුවා:

වැසි දැරිය - The Rain Girl said...

මටත් ත්‍රිකෝණමිතිය ටිකක් අප්සැට්.‍හොදට මේක කියවලා ඔළුවට දාගන්න ඕනේ.
මං සිංහල සාහිත්‍ය ගැන පෝස්ට් එකටත් කමෙන්ට් එකක් දාලා ඇති.පොඩ්ඩක් බලන්න පුළුවන් ලොකු උදව්වක්!

Janitha said...

මේක පොඩි දෙයක්. මම ඉස්සෙල්ලා කිවුවා වගේ විය කරුණු දාගත්‍තොත් හරි..!! මම බලන්නම්කො..

Post a Comment