RSS

භෞතික විද්‍යාව 1 | සිංහල මාධ්‍යය

භෞතික විද්‍යාව කියන්නෙ විශය කරුණු හරියාකාරව ඔළුවට එක පාරක් දාගත්තොත් හරිම ලේසි වගේම විනෝදයෙන් කරගෙන යන්න පුළුවන් විශය කොටසක්. සාමාන්‍ය පෙළ පන්තියේදි කරන්නෙ නිකන් ලාවට වගේ භෞතික විද්‍යාව අතගාගෙන යනවා වගේ දෙයක්. නිකං කියන දේ බැලුවාට භෞතික විද්‍යාව ඔළුවට නම් යන්නෙ නෑ. අභාස කරන්නත් ඕන. මීට සමගාමී අභ්‍යාසමාලාවකුත් නිකුත් කරනවා බය වෙන්න එපා. හරි ඉතින්, දේශනා ඕන නෑ අපි වැඩේ පටන්ගමු.

1) ඉස්සෙල්ලාම තියෙන්නෙ දුර (Distance), විස්ථාපනය (Displacement) කියන දෙක ගැන ඉගෙනගන්න

බලන්න මේ රූපෙ දිහා. කොළ පාටට තියන තිත් දෙක නගර දෙකක් කියලා හිතමු. ඒ නගර වලට යන්න මාර්ග ගොඩක් තියනවා පේනවා නේද? ඒත් තැඹ්ලි පාට මාර්ගයේ වෙනසක් තියනවා. ඒ තමයි තැඹිලි පාට මාර්ගය තමයි‍ කෙටිම මාර්ගය. ඒ කියන්නෙ දුර අඩුම මාර්ගය. දුරක් කියන එක පහදන්න දෙයක් නෑ තේ‍රෙනවානෙ. ඔය මීටර් මෙච්චරයි, කිලෝමීටර් මෙච්චරයි කියලා කියන්නෙ.
උදා : ගාල්ලෙ ඉදලා කොළඹට දුර කිලෝමීටර් 116

ඒත් විස්ථාපනය කියලා කියන්නෙ යම් ලක්ෂ දෙකක් අතර තියන කෙටිම දුරට. මේ කෙටිම දුර සරළ රේඛාවක්ම වෙන්න ඕන. ඕනම ලක්ෂ දෙකක් අතරෙ ඕන ඕන හැඩ වලින් අපිට මාර්ග අදින්න පුළුළුන්. ඒත් කෙටිම මාර්ගය සරළ රේඛාවක් ම තමයි. 

මේකෙදි විස්ථාපනය ගැන විශේෂ අවධානයක් යොමු වෙනවා. විස්ථාපයන කියන්නෙ දෛශිකයක්. ඒ කියන්නෙ විශාලත්වයක්, දිශාවක් වගේම ක්‍රියාරේඛාවක් තියන දෙයක්. අපි දුරක් දක්වනවා නම් කියන්න ඕන කිලෝමීටර් හරි, මීටර් හරි මොනවා හරි මෙන්න මෙච්චරයි කියලා විතරයි. ඒත් අපි විස්ථාපනයක් දක්වද්දි කියන්න ඕන ඒකෙ විශාලත්වයත්, අදාල දිශාවත් කියන දෙකම. (මේකෙ මේ ක්‍රියාරේඛාව ගැන සාමාන්‍යපෙළ පන්තියෙදි වැඩිය කතාබහ නෙවුනත් දෛශිකයක වැදගත් ලක්ෂණයක් තමයි ක්‍රියාරේඛාව කියන්නෙ)

උදා: මීටර් 100 - උතුරට (විස්ථාපනයක්) 
[ඒත් අපි නිකම්ම මීටර් 100 යි කිවුවා නම් ඒ කියන්නෙ දුරක් ගැන විතරයි] 
(සම්මතයක් විදිහට විස්ථාපනයක් මනින්නෙ මීටර් වලින් ඒ කියන්නෙ විස්ථාපනයෙ SI ඒකකය මීටර් අංකනය කරන්නෙ "m" අකුරෙන්)

2) දැන් බලමු වේගය (Speed) , ප්‍රවේගය (Velocity) කියන දෙක ගැන 

අපි ඉස්සෙල්ලාම සරළව බලමු. වේගය කියලා කිවුව ගමන් අපිට මතක් වෙන්නෙ පැයට කිලෝමීටර් මෙච්චර ගාණක් කියලා නෙ (මට නං එහෙමයි ඈ). ඒ කියන්නෙ පැයකට යන කිලෝමීටර් ගාණ. ඒ කියන්නෙ යම් දුරක් යන්න ගත වෙන කාලය. අපිට එහෙනම් සරළ සම්බන්ධයක් ගන්න පුළුවන්.
අපි ඒකට උදාහරණයක් බලමු,

  •  මගියෙක් මීටර් 20 දුරින් පිහිටි බස් රථයක් අසලට ළගාවීමට තත්පර 10 ක කාලයක් ගනී. ඔහුගේ වේගය? 

වේගය = දුර/කාලය = 20m / 10s = 2ms^-1 (මේ ms^-1 කියලා ලිවුවෙ s අකුරට උඩින් -1 ළකුණක් දාන්නෙ. එන්න ඒක. බෙදීම ඉර යටින් තියන රාශීන් ඉර උඩට එද්දි -1 ක් විදිහට එනවා නෙ. නැත්නම් මේකම m/s කියලා ලියන්නත් පුළුවන්) 

වේගය කියන එක අපි දන්නවා නෙ. දැං බලමු මොකද්ද ප්‍රවේගය කියන්නෙ කියලා. ප්‍රවේගයක් කියන්නෙ විස්ථාපනයක් කාලයකින් බෙදුවාම එන අගය. ඒ කියන්නෙ මෙන්න මේ සමීකරණයෙන් එන අගය.

වැඩි දෙයක් නෑ. විස්ථාපනයක් කියන්නෙ මොකද්ද කියලා දන්නවා නෙ. එහෙනම් ඒ විස්ථාපනය කාලයෙන් බෙදුවාම එන එක තමයි ප්‍රවේගය. 

ප්‍රවේගය කියන එකේ විශේෂම දේ තමයි ප්‍රවේගය කියන්නෙත් දෛශික රාශියක්. ප්‍රවේගයක් සම්මත විදිහට දක්වන්නෙ තත්පරයට මීටර් වලින්. ඒ කියන්නෙ ප්‍රවේගයේ SI ඒකකය තප්පරයට මීටර්. අංකනය කරන්නෙ ms^-1 වලින්...

වැඩියි වගේ නේ. මේ ටික ඇති. ප්‍රස්තාරත් එක්ක මේවා තව විස්තර වෙනවා ඉස්සරහදී. ඒවා ඒ වෙලාවට කියන්නම්. ආහ් තව එකක්.. ප්‍රශ්න දෙන්න මේ ටික විතරක් මදි නෙ. ඒක ඉස්සරහාට තව ටිකක් කියලා දාන්නම්..

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 දෙනෙක් අදහස් කිවුවා:

Post a Comment